විශේෂ රාජකාරි සඳහා යෙදවීමට පිට පළාත්වල සිට 1000කට අධික නිලධාරීන් සංඛ්‍යාවක් අද (16) දිනයේ කොළඹට කැඳවා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව මෙම නිලධාරීන් හෙට (17) සිට 20 වන දා දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට නියමිතයි.
උතුර, දකුණ ,ඌව සහ සබරගමුව පළාත්වලින් මෙන්ම පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මෙම නිලධාරීන් කොළඹට කැඳවා ඇති අතර අද පස්වරුවේ කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස නියෝග කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




