LP ගෑස් සිලින්ඩර තොගයක් සඳහා ගෙවීම් සිදුකර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව එම ගෑස් තොග ගොඩ බෑමෙන් පසු කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවක් අද (16) දිවයිනට ළඟා වන අතර ඒ සඳහා ඩොලර් මිලියන හතක් ගෙවීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ බදාදා (18)සිට ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





