බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
මෙය ඔහු තරග කළ 95 වන ටෙස්ට් තරගය වන අතර මේ වන විට ලබා ගෙන ඇති මුළු ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6,544 ක්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා දිනය නිමාවන විට කඩුලු 04 ක් දැවී ලකුණු 258 ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් , ඕෂධ ප්‍රනාන්දු ලකුණු 36ක් සහ නොදැවී පන්දුවට පහර දෙමින් සිටී දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 114ක් ලබාගත්තා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




