නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක මහ වැසි සහ තද සුළං ඇතිවීම හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල පවුල් 601කට අයත් පුද්ගලයින් 2352ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එය අතරින් පවුල් 373ක පුද්ගලයින් 1362 දෙනෙක් ජාති නිවෙස්වල රැඳී සිටින අතර තවත් පවුල් 07කට අයත් පුද්ගලයින් 25 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ එම දිස්ත්‍රික්කවල නිවාස 82 කට අර්ධ හානි සිදුවී ඇති බවයි.
දිවයින පුරා නිරිත දිග මෝසම් කාලගුණය තවදුරටත් පැවතීම හේතුවෙන් පළාත් කිහිපයකට ඉදිරි දින කිහිපයේදිත් ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




