ගෝඨාගෝගම සහ මයිනාගෝගම ප්‍රහාරයට සම්බන්ධ හිටපු මැති ඇමතිවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
ඒ අනුව නීතිපතිවරයා විසින් නම් කරන ලද සැකකරුවන් සම්බන්ධයෙන් සෘජු, අවස්ථානුකූල සහ තාක්ෂණික සාක්ෂි ඇත්නම් ඔවුන්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ලිපියක් යොමු කරමින් යොමුකරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ සැකකරුවන්ට අපරාධ නීති සංග්‍රහය යටතේ නඩු පවරන ලෙසත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙක් හරහා විවෘත වරෙන්තු ලබාගන්නා ලෙසයි.
නීතිපතිවරයා විසින් යොමු කරන ලද ලිපියෙහි සඳහන් සැකකරුවන් වන්නේ,
01. ජොන්ස්ටන් ප්‍රනාන්දු02. සනත් නිශාන්ත
03. සංජීව එදිරිමාන්න
04. මිලාන් ජයතිලක
05. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්
06. ඩෑන් ප්‍රියසාත්
07. මහින්ද කහඳගම
08. නාලක විජේසිංහ
09. බන්දුල ජයමාන්න
10. දිනෙත් ගීතක
11. සමන්ලාල් ප්‍රනාන්දු
12. අරාබි වසන්ත
13. සුභාෂ් (දෙහිවල නගර සභාව)
14. අමල් සිල්වා
15. සමීර චතුරංග ආරියරත්න
16. රුවන් වැල්ලේ රමණී
17. තුෂිත රණබාහු
18. සජිත් සාරංග
19. පුෂ්පලාල් කුමාරසිංහ
20. නිශාන්ත මෙන්ඩිස්
21. පුෂ්පකුමාර (හිටපු හමුදා සෙබළ)
22. සවීන් ප්‍රනාන්දු (වෙන්නප්පුව)
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




