පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතයි.
ඒ අනුව අද පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්යය වන්නේ නව නියෝජ්‍ය කතානායක වරයෙකු පත් කර ගැනීම වන අතර ඒ සඳහා ඡන්ද විමසීමක් පවත්වන බව වාර්තා වනවා.
මීට අමතරව ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්මත කර ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම සහ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද ඡන්ද විමසීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආසනවල මුල්පෙළ අගමැති ආසනය පිරිනමා ඇති අතර හිටපු ජනාධිපති වරයෙකු වීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට ද මහතාට ද ඉදිරිපෙළ අසුනක් වෙන් කර ඇත.
කෙසේ වෙතත් අද දිනයේත් පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




