සර්ව පාක්ෂික ආර්ථික පුනරුජ්ජීවන සැලසුමක් ගොඩනැගීම සඳහා මුදල් කාරක සභාවේ සභාපති ධුරය භාරගැනීමට තමා සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඒ අනුව මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වීමෙන් පසු සර්ව පාක්ෂික කමිටුවක් මඟින් ආර්ථික පුනර්ජීවන සැලැස්මක් සකස් කිරීම ඔහුගේ අරමුණ බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර රටේ මුදල් පිළිබඳ බලය මුළුමනින්ම පාර්ලිමේන්තුවට හිමිවන බවත් මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුව තුළ තුළ කිසිදු මුදල් පනතක් සම්මත කළ නොහැකි බවත් ඔහු අවධාරණය කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




