නීති විරෝධී ලෙස විදෙස් මුදල් හුවමාරු කරන්නන් සොයා දිවයින පුරා මේ දිනවල විමර්ශන සිදු කෙරෙන අතර පසුගිය දින කිහිපය තුළ උන්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් හුවමාරු කළ පුද්ගලයින් කිහිපදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ වරදකරුවෙකු වුවහොත් ලබා දිය හැකි දඬුවම් පිළිබඳ අදහස් පළ කරමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ප්‍රකාශ කළේ,
"මුදල් විශුද්ධිකරණය යටතේ වරදකරුවන් කොටස් තුනක් හඳුනාගන්න පුළුවන්. විශුද්ධිකරණය කරන පුද්ගලයා, ඒකට උදව් කරන පුද්ගලයා. යම්කිසි මුල්‍යමය ආයතනයකට විරුද්ධව නඩු පරන්න පුළුවන්. නඩු පැවරීම සිදුකරන්නේ මහාධිකරණයේ. වරදකාරයෙක් වුණොත් ඔහුට නීතියෙන් නියම කරන දඬුවම තමා වසර 5ක අවම සිරදඬුවමක්. වසර 5 සිට 20 දක්වා කාලයක සිරදඬුවමක් දෙන්න පුළුවන් ඒ මුදල් විශුද්ධිකරණයට ලක්වූ දේපළේ වටිනාකම හෝ වටිනාකම වගේ තුන්ගුණයක් දඩයක් වශයෙන් පනවන්න මහාධිකරණයට බලය තියෙනවා. ඊට අමතරව ඒ මුදල් විශුද්ධිකරණය තුළින් යම්කිසි දේපළක් උපයාගෙන තියෙනවා නම් ඒවා රාජසන්තක කරන්න ට පනතේ ප්‍රතිපාදන තියෙනවා."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




