අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතයි.
ඒ අනුව මෙහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, පොහොර අර්බුදය ඉන්ධන සහ ගෑස් හිඟය ඇතුළු වූ වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදවල සත්‍ය ස්වරූපය මෙන්ම එම අර්බුද විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාවට හෙළිදරව් කරන බවයි වාර්තා වන්නේ.
පසුගියදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතන ප්‍රථම අවස්ථාව මෙයයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




