දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් ගෙන ආ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව වැඩි ඡන්ද 51 කින් පරාජයට පත්වී තිබෙනවා.
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීම තීරණය කිරීම සඳහා මෙම ඡන්ද විමසීම පවත්වනු ලැබුවා.
එයට පක්ෂව ඡන්ද 68 ක් ද විරුද්ධව ඡන්ද 119ක් ද ලැබී ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට නොගෙන ම ප්‍රතික්ෂේප වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




