ඉකුත් 09 වන දා ගාලූමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියෙන් පසු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය සහ පෞද්ගලික දේපලවලට හානි කළ බව කියන පුද්ගලයින් 664 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් පුද්ගලයින් 258 දෙනෙක් ගෙවුනු පැය 24 තුල අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිසෙන් 206 දෙනෙකුට ඇප ලබාදී ඇති අතර තවත් 272ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මැයි 09 වන දා ඇතිවූ සිද්ධි දාමයට අදාළව මේ වන විට ප්‍රචණ්ඩක්‍රියා 791ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




