දැනට සීමා කර ඇති ඔක්ටේන් 92 පෙට්‍රල් බෙදාහැරීම දින දෙක තුනක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල සිට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම සිදු කරන බවයි.
මේ අතර හෙට (18) දිනයේ පෙට්‍රල් තොගයක් දිවයිනට පැමිණීමට නියමිත අතර කඩිනමින් පෙට්‍රල් හිඟය විසඳෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




