පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 8000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,991 ක පුද්ගලයින් 7,934 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 108ක පුද්ගලයින් 397 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.
මේ අතර ගංවතුර සහ දැඩි සුළං තත්ත්වය මත නිවාස 232කට අර්ධ හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




