රන්ජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමෙන් පසු හිස් වූ තනතුරට නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
පක්ෂ විපක්ෂ මතභේද රැසක් ඉදිරිපත් වූ අතර අවසානයේ රහස් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළා.
කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජී.එල්.පීරිස් මහතා විසින් අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් රෝහිණී කවිරත්න මහත්මියගේ නම යෝජනා කරනු ලැබුවා.
කෙසේවෙතත් මෙහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ ජනතා මුදල් නාස්ති නොකර සියලු දෙනාගේ එක එකඟත්වයෙන් එක් අයෙකු තෝරා පත්කර ගන්නා ලෙසත් ඡන්දයක් පැවැත්වීමට මිලියන 9ක පමණ මුදලක් වැය වන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




