මැයි මස 9 වන දා වන දා අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් විසින් ගාලුමුවදොර සාමකාමී මා ජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ (17) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




