ඊයේ(17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දමා තිබෙනවා.
තිරිඟු පිටි සමාගම් විසින් අසාධාරණ ලෙස මිල ඉහල දැමීම හේතුවෙන් බේකරි හිමියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
"ඊයේ රුපියල් 35කින් පිටි මිල වැඩිකරලා තියෙනවා. ඒක ඉතාමත් අසාධාරණයි. මේ පිළිබඳව සොයා බලන්න කිසිම කෙනෙක් නැහැ. අද රජයක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ කම්පැනිකාරයෝ කිහිපදෙනෙක් තමන්ගේ උවමනාවට ජනතාව සූරාගෙන කන ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි එකක් කියන්න ඕනේ පිටි කම්පැනිවලට ප්‍රශ්න තියෙනවා. මේ අවස්ථාවේ හැටියට ඉතාමත්ම අසාධාරණ විදිහට මිල වැඩිකිරීම සිද්ධකරන්න එපා අපි කියන්නේ. ලංකාවේ පිටි සමාගම් දෙකක් තියෙනවා. එක සමාගමක් ලංකාවේ පිටි අවශ්‍යතාවයෙන් 70%ක් සපයන අතර අනෙක් සමාගම 30% පමණ තමයි සපයන්නේ. මේ 30%ක් සපයන සමාගමක් ඊයේ රුපියල් 35කින් පිටි කිලෝවක් වැඩිකරලා තියෙනවා. ඒ පිටි කිලෝ 50යේ පිටි මිටියක් රුපියල් 12,500ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ කියන්නේ තුන්ගුණයකින් වැඩිවෙලා තියෙනවා. රුපියල් 4,000ට පහළන් තිබුණු පිටි මිටියක් අද 12,500ක් දීලා බේකරි හිමියාට ලබාගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ විදිහට තවදුරටත් කරගෙන යන්න බැහැ, ඩීසල් කඳුලක් නැහැ, පෙට්‍රල් කඳුලක් නැහැ. භූමිතෙල් නැහැ, ගෑස් නැහැ."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




