මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මොරටුව නගරාධිපති ,සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ සහ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව ඩෑන් ප්‍රියසාද් ද අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




