අද (18) සහ හෙට(19) යන දෙදින පෙට්‍රල් ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
මේ අතර ලබන සිකුරාදා (20) සිට පෙට්‍රල් බෙදාහැරීම ආරම්භ කළ ද පිරවුම්හල් තුළින් ඉන්ධන නිකුත් කිරීමට දින තුනක් පමණ ගත විය හැකි බැවින් පෝලිම් වල රැඳී නොසිටින මෙන් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම රට තුළ දැනට පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ අතර ඩීසල් හෝ භූමිතෙල් ලබා ගැනීමේ කිසිදු ගැටළුවක් නැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




