පසුගියදා ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව රට පුරා වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වන වනවිට පුද්ගලයින් 883 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ඔවුන් ගෙන් 412 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පුද්ගලයින් 364 දෙනෙකු ඇප මත මුදා හැර ඇති බවයි.
ඊයේ දිනයේ දී පමණක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 219 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Whatsapp පහසුකම සහිත පොලිස් ක්ෂණික ඇමතුම් අංකය සහ ජංගම දුරකථන අංකවලට මැර ප්‍රහාරවලට සම්බන්ධ පින්තූර 475 කට අධික ප්‍රමාණයක් සහ වීඩියෝ දර්ශන 70ක් පමණ ලැබී ඇති බවත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ පොලිස් ඒකක වෙත යොමුකර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




