2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සඳහා වන කාලය සිකුරාදා(20) දක්වා දීර්ඝ කර ඇති බව භාග දෙපාර්තමේන්තුව පවසනවා.
මීට පෙර එම කටයුතු ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වීමට නියමිතව තිබුණා.
ඒ අනුව 20 වන දා සිට ජුනි 01 වන දා දක්වා විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හෝ පන්ති පැවැත්වීම, විභාග ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම සහ ප්‍රචාරණය හෝ විද්‍යුත් මාධ්‍ය ,පෝස්ටර් සහ බැනර් හරහා සමාන ප්‍රශ්න පිළිතුරු සැපයීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




