අරගලකරුවන්ට පහරදීම පිළිබඳ පා.ම. රමේෂ් පතිරණ හෙලිකරයි


ඉකුත් 09 වන දා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම අරලියගහ මන්දිරයට පැමිණි මුග්ධ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ බලපෑමෙන් සිදු වූවක් බව අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

එහිදී ඔහු පැවසුවේ පහරදීමට පැමිණි පිරිසට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙසට පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  ලේකම්වරයා උපදෙස් ලබා දී ලබාදී ඇති බවයි.


"මහින්ද රාජපක්ෂ මැතිතුමා ධුරයෙන් ඉවත්වන බව දන්වලා ඊට කළින් දවසේ එතුමාට සමුදෙන්න සුබපතන්න පිරිස් රැගෙන එන්නෙයි කියලා අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලියගහ මන්ධිරයට ඒ පිරිස් ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයක පිරිසකගේ පරම අභිලාශය වුණේ. දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු අගමැතිවරයා ධුරයෙන් ඉවත්වන දවසේදී එතුමාට ගෞරවාන්විත සමුදීමක් ලබාදෙන්න. ඒ රැස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කණගාටුවෙන් සඳහන් කරන්නේ මුග්ධ දේශපාලනඥන් කිහිපදෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා. ඒක අපි පිළිගන්නට අවශ්‍යයි. ඒ බලපෑමට නතුවෙලා ආපු පිරිසෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයක් මේ ගෝඨා ගමට පහරදෙන්න ඕනේ කියන මානසිකත්වයෙන් මේ ගාලුපාරේ ගමන්කළා.ඒ සිදුවීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්." 

"මේ අරගලය මාසයක් මෙතන තිබුනා. අතිගරු ජනාධිපතිතුමාටවත්, ආණ්ඩුවටත් කිසිම වුවමනාවක් තිබුණේ නෑ මේ උද්ඝෝෂණයට ගලක්වත් ගහන්න. මේකට සම්පූර්ණ ආරක්ෂාව සැලසුවා කඳුළු ගෑස්, ගල් ප්‍රහාරයක්වත් එල්ලකළේ නෑ. ඒක මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අපි භාවිත කරපු ප්‍රතිපත්තිය. හැබැයි ඒ අවසනාවන්ත සිදුවීමෙන් පස්සේ මෙතනට පිරිසක් ගියා ඒ පිරිස යනකොට. මෙම එතකොට අරලියගහ මන්ධිරයේ හිටියේ මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතාට කතා කළා. මෙහෙම අවාසනාවන්ත සිදුවීමක් වෙන්න යනවා කරුණාකරලා මේක නවත්වන්න. DIG තෙන්නකෝන් මහත්තයා මට කිව්වා කිසිම ගැටළුවක් නෑ අපි රෝඩ් බ්ලොක් දාලා තියෙන්නේ අපි මේක නවත්වනවා කියලා." 

"ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්ධිරයට ගියා ජනාධිපතිතුමාගේ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට මට කතාකලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මැතිතුමා. එතුමා කතාකරලා කිව්වා ලොකු ගැටළුවක් වෙන්න යනවා ඇමතිතුමා වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නෙයි කියලා. මම ජනාධිපතිතුමාට කිව්වා, එතකොට මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවේ හිටියේ. විශාල ගැටළුවක් සර් ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම මැදිහත්වෙලා මේක නවත්වන්නෙයි කියලා. එතකොට ජනාධිපතුමා අපි ඉදිරිපිට. ඇමතිවරු කිහිපදෙනෙක් හිටියා. දුරකථන ඇමතුමක් ගත්තා. මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා මොකක්ද මේක සිද්ධවෙන්නේ කියලා ඇහුවට පස්සේ DIG තෙන්නකෝන් කිව්වා, සර් මට පොලිස්පතිතුමා කිව්වා 12.40ට පොලිස්පතිතුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා, මේකට ජල ප්‍රහාර එන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වා. මෙතුමා කිව්වා 12.40ට කතාකළේ. පොලිස්පතිතුමා කිව්වා කෙළින්ම, නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්වන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වයි කියලා. ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති, වහාම නවත්වනවයි කියලා ජනාධිපතිතුමා කිව්වට පස්සෙ තමයි කඳුළු ගෑස් ගහල මේ ගමන නතරකරන්න ජනාධිපතුමා කටයුතු කරන්නේ. ඒ මැදිහත්වීමෙන් පස්සේ තමයි කථානායකතුමනි මේ කටයුත්ත මේ මට්ටමට බේරුණේ. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමා කියපු කතාව ඇත්ත. දෙන්නෙක් මානව හිමිකම් කොමිසමේ සාක්ෂි දුන්නා මේ ප්‍රහාරය නවත්වන්න, ගියපු මුග්ධ පිරිස නවත්වන්න එපාය කියල නියෝග කළේ පොලිස්පතිතුමාත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමාත් කියන එක තමයි සත්‍ය කාරණය. "


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අරගලකරුවන්ට පහරදීම පිළිබඳ පා.ම. රමේෂ් පතිරණ හෙලිකරයි
අරගලකරුවන්ට පහරදීම පිළිබඳ පා.ම. රමේෂ් පතිරණ හෙලිකරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLrY81uX-rhkuV5_BtrYupJUsCCaxGsICM2zTLxV94Kl_R0Pfv81tzIeAoJH-ztgo2fO4opnP-QuTch8VCcHitzMVR8z8T8vJw4v3cpzgqhqwUTFz-KEmupDxLfM_f__8opCFJMY5FHjhPRwNbvfgtxePf1toDoVt71ELUUSHWsEwOpH7P6EpCsMmN/s16000/2AD62A24-E88F-4860-9A51-3C500EDDE35C.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLrY81uX-rhkuV5_BtrYupJUsCCaxGsICM2zTLxV94Kl_R0Pfv81tzIeAoJH-ztgo2fO4opnP-QuTch8VCcHitzMVR8z8T8vJw4v3cpzgqhqwUTFz-KEmupDxLfM_f__8opCFJMY5FHjhPRwNbvfgtxePf1toDoVt71ELUUSHWsEwOpH7P6EpCsMmN/s72-c/2AD62A24-E88F-4860-9A51-3C500EDDE35C.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/05/18-ramesh-pathirana-told-about-attack-on-galle.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/05/18-ramesh-pathirana-told-about-attack-on-galle.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content