ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ අභාවයෙන් පසු ඔහු වෙනුවට ජගත් සමරවික්‍රම මහතා පත් කර ඇත.
ඔහු පසුගිය මහමැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය ලබාගෙන තිබෙනවා.
මැතිවරණ කොමිසමේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.
පසුගියදා 09 වෙනදා නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාව අතරතුර වෙඩි වැදීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මිය ගියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




