රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ගැන සලකා ජුනි මාසයේ සිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.
මේ මොහොතේ අග්‍රාමාත්‍ය කාර්යාලය අග්‍රමාත්‍ය කාර්යාලය රටේ අනෙකුත් රජයේ කාර්යාලවලට ආදර්ශයක් විය යුතු බව අගමැතිවරයාගේ අදහස බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අග්‍රමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙක් නැවත මුල් ආයතන වලට යවා ඇති අතර වෙනත් රජයේ ආයතනවලින් ලබාගෙන තිබූ වාහන 16ක් නැවත බාර දීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ නඩත්තුව සඳහා මෙම වසරේ ජනවාරි මාසයේ මිලියන 92ක් , පෙබරවාරි මාසයේ මිලියන 99ක්, මාර්තු මාසයේ මිලියන 226ක් සහ අප්‍රේල් මාසයේ මිලියන 75 ක් වියදම් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




