අත්‍යවශ්‍යම සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර අනෙකුත් රජයේ නිලධාරීන් හෙට දිනයේ සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය නොවන බව පවසමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රට තුළ පවතින ඉන්ධන හිඟයක් හමුවේ හෙට දිනයේ සේවයට වාර්තා කිරීමෙන් වළකින ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




