පසුගිය 09 වන දා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර පෙරහැර මාවත හා බේරේවැව අතර පදිකවේදිකාවේ දී පහරකෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පපුවට සහ හිසට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





