නාරහෙන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන නිකුත් කිරීම අද (19) පෙරවරුවේ සිට නතර කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම පිරවුම්හලේ ඉන්ධන බෙදාහැරීමේ යන්ත්‍රය දීර්ඝ කාලයක සිට යාවත්කාලීන නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
එමෙන්ම අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙට්‍රල් ලීටරයක් රුපියල් 121 කට ලබාදෙන බවට පැතිරෙන චෝදනා ප්‍රතික්ෂේප කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




