අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පොල්දූව මංසන්ධියේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වලංගු වන ලෙස වළක්වන ලෙස ඉල්ලා වැලිකඩ පොලිසිය විසින් කරන ලද ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙහි දී කරුණු දක්වමින් පොලිසිය සඳහන් කළේ මෙම උද්ඝෝෂණය හේතුවෙන් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අවහිර වන අතර ඒ තුළින් ඔවුන්ගේ වරප්‍රසාද කඩ වන බවයි.
එහිදී පොලීසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එම ස්ථානයේ යම් සාමය කඩ වීමේ සිද්ධියක් ඇති වුවහොත් පොලිස් බලතල අනුව කටයුතු කිරීමට පොලිසියට හැකියාව පවතින බව සදහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




