ඉන්ධන ඉල්ලා සිදු කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගන්නෝරුවෙන් අවහිර වී තිබෙනවා.
එමෙන්ම ගාලු පාර දෙහිවල ගුවන් පාලම අසලින් ද තලවතුගොඩ සිට පිටකෝට්ටේ දක්වා මාර්ගය මාදිලිවල ඉන්ධන පිරවුම් හල අසලින් ද හොරණ ප්‍රධාන මාර්ගය බෝකුන්දර ප්‍රදේශයෙන් ද අවහිර කරමින් ජනතාව මෙලෙස ඉන්ධන ඉල්ලා විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තව දින කිහිපයක් යනතුරු ඉන්ධන ලබා දීමේ හැකියාවක් නොමැති බව රජය පැවසුවද ජනතාව දිගින් දිගටම පෝලිම්වල රැඳී සිටින ආකාරය දැක ගන්නට ලැබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




