මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සදහා සිසු සැරිය බස් රථ මෙන්ම අතිරේක බස්රථ ද යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ විභාග කාර්ය මණ්ඩල හා විභාග මධ්‍යස්ථාන කටයුතුවලට යොදවා ඇති වාහන සඳහා ලං.ග.ම සතු ඉන්ධන ලබා දෙන අතර දුම්රියෙන් පැමිණෙන සිසුන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක්ද සකස් කර ඇති බවයි.
පාසල් වේලාව තුළ ධාවනය වන දුම්රිය ගමන් වාර විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ප්‍රමාදයක් වුවහොත් දරුවන් වැඩි වශයෙන් සිටින දුම්රිය ස්ථානවල සීඝ්‍රගාමී දුම්රිය නැවැත්වීමට උපදෙස් දී ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




