පසුගියදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිව් දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ අනුව අධිකරණයෙන් කෙරුණු දැනුම්දීමකට අනුව රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, සංජීව එදිරිමාන්න සහ සහන් ප්‍රදීප් යන මන්ත්‍රීවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කර ගැනීම සඳහා ඊයේ (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් කථානායකවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




