පසුගිය මාර්තු 31 වන දා මිරිහානේදී පැවති මහජන විරෝධතාව අතරතුර යුද හමුදා බස් රථයකට ගිනි තැබූ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19) දැරණියගල දී අතර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ පෞද්ගලික මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක සේවය කරන 42 හැවිරිදි අයෙක්.
සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔස්සේ මහජනතාව ලබාදුන් ලබා දුන් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඔහු විසින් ගිනි තැබූ බස්රථය ආසන්නයේ තිබූ පොලිසියට අයත් ත්‍රිරෝද රථයකට සහ යතුරුපැදි දෙකකටද ගිනි ඇවිලීමෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




