ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ලද නීතිරීති හා උපදෙස් මාලාවන්ට පටහැනිව කටයුතු කර ඇති ඉන්ධනහල් 04ක් සඳහා ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇත.
ඒ අනුව මාකොළ දකුණ, පෙතියාගොඩ,නාල්ල සහ මීරිගම යන ඉන්ධන පිරවුම්හල් වෙත මෙලෙස ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර ඔවුන්ගේ බෙදුම්කාරත්වධූරයන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






