අද දිනයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී වරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ ආණ්ඩුවට සම්බන්ධ නොවී විපක්ෂයේ සිට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට පක්ෂය තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් අද (20) පෙරවරුවේ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු මහතා ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




