ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට දිවා ආහාරය ලබා දීම නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 900කට පමණ දිවා ආහාරය සැපයීමට විශාල මුදලක් වැය කිරීම අසාධාරණ බව ඔවුන් පෙන්වා දෙනවා.
පවතින දුෂ්කර කාල පරිච්ඡේදය නිම වෙන තුරු මුළු දවසක් පුරා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවල පමණක් වෙළෙඳපොළේ මිල ගණන් යටතේ ආහාර පාර්සලයක් ලබාදීමට කටයුතු කරන ලෙස ලිපියක් යොමු කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




