ඉකුත් 09 වන දා ඇතිවූ ප්රචණ්ඩකාරී සිද්ධීන් වලින් පෞද්ගලික සහ පොදු දේපලට සිදුවූ අලාභය පිළිබඳ පිළිබඳ විවාදය අදත් (20) පැවැත්වීමට තීරණය කර ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන ඊයේ (19) පැවසුවා.
ඒ අනුව පසුගිය 17, 18, 19 යන දිනවල දීත් පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් විවාදයට ගැනුණා.
මේ හේතුවෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වූ අමරකීර්ති අතුකෝරල මන්ත්රීවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශෝක යෝජනා විවාදය කල් දමා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




