බලලෝභී අදෘශ්‍යමාන බලවේගයක් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ගෞරවනීය සමුගැනීම අහිමි කළ බව අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවා.
ගෞරවනීය නායකයාගේ සමුගැනීම අපේම අදෘශ්‍යමාන බලවේගයක් විසින් බලලෝබීකමට අවාසනාවන්ත තැනකට ගෙනියන්න කටයුතු කළා."
"එතුමට ගෞරවානීයව සමුගන්න තිබ්බ එක වෙනස් කළා."
"මහින්ද රාජපක්ෂ වගේ ගෞරවනීය නායකයෙකුට එවැනි සමුගැනීමක් නෙමෙයි හිමිවෙන්න තිබ්බේ."
"අපි මේ අර්බුදය ගැන කිව්වා. ඇහුවේ නෑ. බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ වුණා."
"ගෝල්ෆේස් අරගලයට පහරදීම, ගෙවල් ගිනිතැබීම ගැන වෙනම පරීක්ෂණයක් ඕනේ. මේ කුපාඩි දේශපාලනය අපි නවත්වන්න ඕනේ."
"මගේ ළඟ තියෙනවා පොතක්.මං විපක්ෂනායකතුමාට මේ පොත දුන්නා. මම ඒක දෙනවා අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා එතුමා නැති නිසා එතුමාගේ සඟයා ඉන්නවා විජිත හේරත් මන්ත්‍රීතුමාට මේ පොත බාරදෙනවා.මේ තමයි තමුන්නාන්සේලා කරපු දේ.මේ පොතේ තියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ,සභාපතිවරුන්ගේ, ගිනිතියපු ගෙවල්. වැරදිකරුවන්ට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා."
"ඔබතුමාට කතා කරල කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ඇවිල්ලා තමුන්නාන්සේලා මේ රට භාරගන්න ඉල්ලුවා.තමුන්නාන්සේලා රට බාර ගන්න කලින් මේ අපරාධ කරල මිනි මරපු මේකට නායකත්වය දෙන්න ගිනි තියපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය පුලුවන්නම් හෙට ඉවත් කරන්න."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




