අද දිනය තුළ තවත් ඩිසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊයේ (20) පෙරවරුවේ සිට බෙදා හැරීම ආරම්භ කරන ලද පෙට්‍රල්92 සහ 95 සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බවයි.
මේ අතර විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ගොඩබාන ලෙස බලකරමින් ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් ඉන්ධන ට්‍රක් රථ ගිනි තබන බවට තර්ජනය කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඔහු සඳහන් කරන්නේ සංවිධානාත්මක කණ්ඩායම් තවදුරටත් එසේ කළහොත් ඉන්ධන ප්‍රවාහන බලකායේ ආරක්ෂාව වෙනුවෙන් බෙදා හැරීම අත්හිටුවීමට සිදු වන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




