දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ණය සහන ලබාදීම සඳහා ලෝක බලවතුන්ගේ ජී7 සංවිධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජර්මනියේ පසුගියදා (19) පැවති ජී7 සමුළුවේ දී ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට තම කණ්ඩායම කැපවී සිටින බවත් මේ මොහොතේ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය අවශ්‍ය වී තිබෙන බවත් ඔවුන් මෙහිදී අවධාරණය කළා.
සහන කාලය අවසන් වූ බැඳුම්කර දෙකක් සඳහා පොලිය ගෙවීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීම සඳහා ඵලදායි ලෙස සාකච්ඡා කරන ලෙස ප්‍රකාශයක් නිකුත් කරමින් ජී7 සාමාජික රටවල් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




