පසුගිය මැයි 9 සහ 10 යන දෙදින තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 1,348ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සැකකරුවන් 128 දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අතරින් 99 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා ඇති අතර 68 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැමිණි දී පැමිණෙද්දී 836 ක් ලැබී ඇති අතර වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




