ගෘහස්ථ ගෑස් සැපයුම බෙදාහැරීම සහ ලබා ගැනීමේ හැකියාව පිළිබඳ පිළිබඳ පාරිභෝගිකයින් සහ නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා ලිට්රෝ සමාගම විසින් ජංගම යෙදුමක් (app) හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.
මෙම ජංගම යෙදුම හරහා පාරිභෝගිකයන්ට, නියෝජිතයන්ට සහ උප නියෝජිතයින්ට තම ප්‍රදේශයට ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය ඇතුළු කුමන අලෙවි නියෝජිතයාට ගෑස් ලැබෙන්නේ ද යන්න පිළිබඳව දැන ගැනීමේ අවස්ථාව ඇති බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
ඒ අනුව ගෑස් සිලින්ඩර ලබාගැනීමට පෝලිම්වලට යාමට පෙර දිනය සහ ගෑස් සිලින්ඩර සංඛ්‍යාව පිළිබඳ අදාළ ප්‍රදේශයේ නියෝජිතයාගෙන් විමසන ලෙසත් එමගින් අනවශ්‍ය ලෙස පෝලිම් වල රැඳී සිටීම සිදු නොවනු ඇති බව සභාපතිවරයා පෙන්වා දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




