ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින වඳුරු උණ රෝගය වැළඳුණු පුද්ගලයින් 80 කට වැඩි සංඛ්‍යාවක් රටවල් 12කින් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
තවත් සැක සහිත රෝගීන් 50 දෙනෙක් විමර්ශනය කරමින් පවතින අතර තවත් රෝගීන් වාර්තා වීමට ඉඩ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
මේ වන විට ඉතාලිය, ස්වීඩනය, ස්පාඤ්ඤය පෘතුගාලය, එක්සත් ජනපදය, කැනඩාව,එක්සත් රාජධානිය ,බෙල්ජියම නෙදර්ලන්තය සහ ප්‍රංශය ඇතුළු රටවල් 12ක මෙම රෝගීන් වාර්තා වී ඇති බව යුරෝපයේ මහජන සෞඛ්‍ය ආයතනය තහවුරු කරයි.
වසූරිය වෛරස පවුලේම තවත් සාමාජිකයෙක් ලෙස මෙම Monkeypox හඳුනාගෙන ඇති අතර උණ, හිසරදය ,ඉදිමීම, මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ දැකගත හැකි බව සෞඛ්‍ය අංශය පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




