අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය විසින් බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද පා ගමනකට එරෙහිව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල නියෝගය ලබා දී ඇත.
ඒ අනුව එහි සාමාජිකයින්ට යෝර්ක් විදිය, බැංකු වීදිය හෝ චැතම් වීදියට ඇතුළු වීම වළක්වාලමින් සහ කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයකට නිල නිවසකට ඇතුළු වීම, හානි කිරීම හෝ එම ස්ථානවල රාජකාරි කරනු ලබන නිලධාරීන්ට බාධා කිරීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




