දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000ක් නිකුත් කිරීමේ ක්‍රියාවලිය යළි ආරම්භ කර ඇති බව ලිට්‍රෝ සභාපති විජිත හේරත් අද (21) ප්‍රකාශ කළා.
ඊයේ දිනයේ ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් මෙරටට පැමිණි අතර ඒවා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එම ගෑස් තොගය දින 6 කට ප්‍රමාණවත් බව ඔහු වැඩිදුරටත් වැඩි දුරටත් පවසයි.
එමෙන්ම එළඹෙන සදුදා තවත් නැව්ගත කිරීම් දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 07ක් ගෙවීමට නියමිත අතර එය සති දෙකකට ප්‍රමාණවත් බවයි වාර්තා වන්නේ.
මේ අතර කෝප් කමිටුවේ නිර්දේශය අනුව ඊයේ දිනයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




