ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය 'නිල් මානෙල් මල' නොව 'මානෙල් මල' බවට මහජනතාව දැනුවත් කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
පරිසර අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් වල දී පාසල්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මේ පිළිබඳව දැනුවත් කර ඇතත් එය ප්‍රමාණවත් ලෙස සිදුවී නැති බව කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා.
2015 ජුනි මාසයේ කැබිනට් තීරණයකට අනුව ජාතික පුෂ්පය මානෙල් මල ලෙස ප්‍රකාශයට පත් කළ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහා ද මේ සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




