රට තුළ අඛණ්ඩව විදුලිය සැපයීමේ අරමුණින් විදුලිය නිෂ්පාදනය ප්‍රමුඛතාවක් සේ සලකා ඉන්ධන ලබා දීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඒ අනුව පසුගියදා බිඳ වැටුණු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු අවසන් කර හෙට (22) සිට නැවත ජාතික පද්ධතියට එක්කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදුලිය අඛණ්ඩව සැපයීමට හැකි වීමෙන් ජනතාව පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන රැස් කිරීම නතර කරනු ඇති බවත් ඒ සඳහා වැය වන ඉන්ධන ද ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගත හැකි බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




