2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(23) ආරම්භ වනවා.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,844 ක දී සිසුන් 517,496 දෙනෙකු විභාගයට පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 දිවයින පුරා ස්ථාපිත කර ඇති අතර සෑම විභාග මද්‍යස්ථානයකම ආරක්ෂාව සදහා පොලිස් සැරයන් වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු යොදවා ඇති බව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළා.
මේ අතර රට තුළ තුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ විභාග අපේක්ෂකයන්ට සහ කාර්යමණ්ඩලයේ පහසුව සඳහා සිසු සැරිය බස් රථවලට අමතරව අතිරේක බස්රථ ද යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




