දින විස්සකට ආසන්න කාලයක් අක්‍රීයව පැවැති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අද (23) පස්වරුවේ සිට ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.
ජනන යන්ත්‍රයේ ඇතිවූ ලිහිසි තෙල් කාන්දුවක් හේතුවෙන් ඇති වූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර හෙට (24) සිට එහි සමස්ත ධාරිතාව වන මෙගාවොට් 270 ජාතික පද්ධතියට එක්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව දැනට පවතින විදුලි කප්පාදුව යම්තාක් දුරකට අඩු කරගත හැකි බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




