ශ්‍රී ලංකාවේ සහ ලංකාවේ සහ බංගලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) ඩකා නුවර දී මෙරට වේලාවෙන් උදෑසන 9:30 ට ආරම්භ වීමට නියමිතයි.
අද තරගය සඳහා වේග පන්දු ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිත සංචිතයට කැඳවා ඇති අතර ලසිත් ඇඹුල්දෙනිය වෙනුවට දඟ පන්දු ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.
මේ අතර බංගලාදේශ කණ්ඩායමේ දග පන්දු ක්‍රීඩක නයීම් හසාන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට මොසඩෙක් හුසේන් ක්‍රීඩා කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ශොරිෆුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව තරගයට ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




