කැකිරාව, ඉපලෝගම, රණජයපුර ප්‍රදේශය පිහිටි අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ නිවසට පිරවුම්හලේ ඉන්ධන අවසන්වීම නිසා කෝපයට පත් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.
පසුගිය 21 වන දා ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පිරවුම් හල අසල රැස්ව සිට ඇති අතර පිරවුම්හලේ ඉන්ධන අවසන් වීම නිසා රාත්‍රීයේ විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී පිරිසක් විසින් පිරවුම්හල් හිමියාගේ දෙමහල් නිවසට ගිනි තබා ඇති බව පොලීසිය පවසයි.
නිවස ගිනි ගන්නා අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ සිට ඇති අතර අසල්වාසීන් සහ ඉපලෝගම පොලිස් නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ඉපලෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




