කලින් දින සහ වේලාවන් වෙන්කරගත් අයදුම්කරුවන් සඳහා පමණක් එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කලින් දින හා වේලාවන් වෙන් කර නොගැනීම නිසා සේවාලාභීන් බොහෝ දෙනා අපහසුතාවට පත්වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව www.immigration.gov.lk වෙබ් අඩවියෙන් හෝ 070 7101 060 යන්න දුරකථන දුරකතන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්නා ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ට දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




